2017/11/19
සමස්ත ලංකා පාසල් ත්‍රෝෙබා්ල් සංගමය මෙහෙයවනු ලැබු සමස්ත ලංකා පාසල් තෙුා්බෝල් තරගාවලියේ 20 න් පහළ බාලක තරගයේ සමස්ත ලංකා තෙවන ස්ථානය හා 15 න් පහළ බාලිකා සමස්ත ලංකා සිව්වන ස්ථානය දිනා ගැනීමට ර/තෙප්පනාව කුමාර මහා විද්‍යාලයීය ත්‍රෝබෝල් කණ්ඩායමට හැකි විය. 

2017/07/10


22 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය
ක්‍රීඩා අංශයේ සුභ පැතුම්   
දකුණු ආසියාවේ වේගවත්ම මීටර් 100 ධාවිකාව වන රුමේෂිකා මීටර් 200 ඉසව්ව තත්. 23.43 ක කාලයකින් නිමා කරමින් අදාළ රිදී පදක්‌කම දිනා ගත්තාය.අවසාන තරගය සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් ඊයේ පෙරවරුවේ පැවැති මීටර් 200 තරගයේදී සිය හොඳම කාලය වාර්තාකර ගත් රුමේෂිකා එම ඉසව්ව තත්. 23.40 කින් තරගය නිමා කළාය.කෙසේ නමුත් මීටර් 100 ඉසව්වේ ආරම්භයේ ඇතිවූ දොaෂය හේතුවෙන් පළමු දිනයේදී රුමේෂිකාට එම ඉසව්වෙන් ඉවත් වීමට සිදුවූ නමුත් මෙවර මීටර් 100 ඉසව්වේ රන් පදක්‌කම දිනාගත් කසකස්‌ථානයේ වික්‌ටෝරියා සිබ්කිනාව පළමු මීටර් 200 සුදුසුකම් ලැබීමේ වටයෙන් දෙවැනි ස්‌ථානයට ඇද දැමීම විශේෂත්වයක්‌ බවට පත්විය.